අනුර කුමාර දිසානායක රාජිතට කණට ගහයි

2019 ජවිපෙ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගෙන් රාජිතට කණේ පහරක්..

පසුගියදා කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යය අදහස් දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අධිකරණයට යෑමට ජනතා විමුක්ති පෙරමුණ සූදානමින් සිටින බවයි. (වීඩියෝව මෙතනින්)

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නිල මාධ්‍ය නිවේදනයක් ඊයේ නිකුත් කරනු ලැබුවා. ජනතා විමුක්ති පෙරමුණ එමගින් ප්‍රකාශ කර සිටියේ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය ජනතාව නොමග යැවීමට හිතාමතා සැලසුම් කරන ලද නිහීන උත්සාහයක් බවයි.

එමෙන්ම ජවිපෙ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ද ඊයේ ජනාධිපතිරණයට නාම යෝජනා භාර දීමෙන් පසු අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය මාධ්‍ය ඉදිරියේ දැඩි විවේචනයට ලක්කළා.

අනුර කුමාර දිසානායක මහතාගෙන් දැඩි විවේචනයක්

අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ රාජිත සේනාරත්නට ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක තනතුර ලබාදී නැති බවත් රාජිත සේනාරත්නට මොළයේ ආබාධයක් තිබේදැයි පරීක්ෂා කර ගත යුතු බවත්ය.

ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය නිවේදනය

රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ප‍්‍රකාශය අසත්‍යයක්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට යාමේ සූදානමක් ඇති බව රාජිත සේනාරත්න ඇමතිවරයා මාධ්‍යයට කරන ලද ප‍්‍රකාශය ජනතාව සම්පූර්ණයෙන්ම නොමග යැවීමට හිතාමතාම සැලසුම් සහගතව කරන ලද නිහීන උත්සාහයක් ය.

එක්සත් ජාතික පක්ෂය මෙන් මැතිවරණ මගහැර ගොස් වෙනත් කවර හෝ උපක‍්‍රම පාවිච්චි කර ජනතාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලු කිරීමට කිසිදු උත්සාහයක් ජනතා විමුක්ති පෙරමුණ නොකරන බව ජනතාවට ප‍්‍රත්‍යක්ෂ දෙයක්ය.

රාජිත සේනාරත්න ඇමතිවරයාගේ එම ප‍්‍රකාශය තරයේ හෙළාදකින ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි බොරු මවාපෑම්වලින් මැතිවරණ ක‍්‍රියාවලිය පවත්වාගෙන නොයන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහු හා සමාන්තර පිළ නියෝජනය කරන අනික් ඕනෑම අපේක්ෂකයෙකු මහජනතාවගේ ඡන්ද බලයෙන් පරාජය කිරීමට අවශ්‍ය කටයුතු ක‍්‍රියාත්මක කරමින් සිටින බව මේ රටේ ජනතාව හොඳාකාරවම දනියි.

ඡන්ද දායකයන් ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය වටා ඒකරාශීවීම දරාගත නොහැකි පරාජිත මානසිකත්වයෙන් පෙළෙන රාජිත සේනාරත්න වැනි තව බොහෝ පිරිසක් ඉදිරියේදීත් මේ හා සමාන බොරු ප‍්‍රකාශයන් කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බව පැහැදිලිය. ඒ සියලුදෙනාගේ නිහීන ප‍්‍රචාරයන්ට නොරැවටී ධෛර්යෙන් අපවටා ඒකරාශී වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමටද මෙය අවස්ථාවක් කර ගනිමු.

ස්තූතියි,

දේශපාලන මණ්ඩලය වෙනුවෙන්,

විජිත හේරත්,
ප්‍රචාරක ලේකම්,
ජනතා විමුක්ති පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *