ශ්‍රීලනිප තීරණය තවමත් නෑ

ඉදිරි ජනාධිපතිවරණයේ දී කුමන පක්ෂයකට සහාය දෙන්නේද යන්න පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කිරීම තවදුරටත් කල් දමා ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ අදාළ තීරණය සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂයේ සාමාජිකයින් සමග සාකච්ඡා පවත්වන බවයි.

ඉදිරි දින කිහිපය තුළ අදාළ තීරණය ප්‍රකාශයට පත් කෙරෙන බව වීරකුමාර දිසානායක මන්ත්‍රිවරයා සඳහන් කළේය.
මේ අතර එළැඹෙන 11වැනිදා පැවැත්වෙන ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ශ්‍රීලනිප තීරණය දැනුම් දීමට නියමිත බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *