චීනයට විවෘතව ඇති ඇතැම් දේශසීමා “තාවකාලිකව” වසා දැමීමටත් චීන සංචාරකයින්ට සංචාරක බලපත්‍ර නිකුත් කිරීම නැවැත්වීමටත් හොංකොං රජය කටයුතු කර ඇත.
එමෙන්ම අද හොංකොං හි උමං මාර්ග ක්‍රියාකරු වන MTR (Mass Transit Railway) ආයතනය නිවේදනය කළේ චීනය හා සම්බන්ධ වන ගුවැන්ෂු, ෂැංහයි සහ බීජිං අධිවේගී දුම්රිය ද අත්හිටුවන බවයි. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ “කොරෝනා වයිරස් ආසාදනයෙන් ඇති වූ නියුමෝනියාව පිළිබඳ නවතම තත්ත්වය MTR ආයතනය මගින් විසින් සමීපව නිරීක්ෂණය කර ඇති බැවින් මෙම තීරණයට එළැඹුණු බවත්”ය. එමෙන්ම ඇති වන අපහසුතාවයට ඔවුන් සමාව අයැද සිටින බවත් ප්‍රකාශ කර සිටී.