සුළුතර ඡන්දවලින් ආණ්ඩු පිහිටුවන්න එජාපයට ඉඩ දෙන්නේ නෑ – අගමැති

Share this Article

එක්සත් ජාතික පක්ෂයට සුළු පක්ෂ සමඟ එක්ව ආණ්ඩු පිහිටුවීමට කිසිසේත් ඉඩ නොතබන බව බද්දේගම පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට පත් වූ ශාස්ත්‍රපති පූජ්‍ය ලේල්වල සුමේධ හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බද්දේගම පිලගොඩ පූර්වාරාම විහාරස්ථානයේදී ඊයේ (28) පෙරවරුවේ සිදුකෙරුණි. එමෙන්ම බද්දේගම ප්‍රාදේශීය සභා නව කාර්යාල ගොඩනැඟිල්ල සහ ආයූර්වේද මධ්‍යස්ථානය විවෘත කිරීමද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

එහිදී අදහස් දක්වමින් අගමැතිවරයා පැවසුවේ මහා සංඝරත්නය පසුගිය මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කළ බවත්, ඒ අනුව ඉදිරියටත් මහ සංඝරත්නයේ උපදෙස් පිළිගනිමින් රාජ්‍ය පාලනය සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.


Share this Article

Leave a Reply

Your email address will not be published.