කිලිනොච්චියෙන් කිලෝ 323ක කේරළ ගංජා හමුවේ

කිලිනොච්චිය ජයපුරම් ප‍්‍රදේශයේදී ටිපර් රථයකින් ප්‍රවාහණය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ 323 ක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව ඊයේ (29) සමත්වුණා. ඒ, යුධ හමුදා බුද්ධි අංශ ලැබුණු තොරතුරකට අනුවයි. අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි වව්නියාව බණ්ඩාරිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම කේරළ ගංජා තොගය මෑත කාලයේදී අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම කේරළ ගංජා තොගය වන බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩයර් චන්දන වික‍්‍රමසිංහ පැවසුවේ. ජයපුරම් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *