සහල් ආනයනය කිරීමේ තීරණයට ජාතික ගොවිජන එකමුතුවේ විරෝධය

රට තුළ ප්‍රමාණවත් වී තොග තිබියදී සහල් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය කිසිසේත් අනුමත කළ නොහැකි බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. එම සංවිධානය මේ බව පවසා සිටියේ ඊයේ (30) දිනයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ එම සංවිධානයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා කියා සිටියේ පෙර පැවති ආණ්ඩු සමයේත් සහල් ආනයනයෙන් රජයට රුපියල් මිලියන 4000 කට වැඩි පාඩුවක් සිදුව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *