තවත් ආයතන කිහිපයක් ජනපති යටතට

අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පසුගිය අගෝස්තු 09 වැනිදා ගැසට් පත්‍රයෙන් පවරා නොතිබූ විෂයයන් සහ ක්‍රියාකාරකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංශෝධනය කරනු ලැබ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවත්නා මූලිකත්ව වැඩසටහනට යාකොට තිබේ.

ඒ අනුව අගෝස්තු 09 වැනි දින නිකුත් කෙරුණු ගැසට් පත්‍රයෙන් බොහෝ විෂයයන් සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය ආයතන අමාත්‍යවරුන්ට පවරා නොතිබුණු අතර ඒ සියල්ල සැප්තැම්බර් 25 වැනි දින ගැසට් පත්‍රයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පවරනු ලැබ ඇති බව වාර්තා වේ.

ජාතික වැඩසටහන යටතට ගැනෙන බව දැක්වෙන ආයතන මෙසේයි.

  • ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සහ ඊට සබැඳි ආයතන.
  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය.
  • කොළඹ වරාය නගර ව්‍යාපෘතිය.
  • ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ඊට බැඳුණ ආයතන සහ සියලු තොරතුරු තාක්ෂණික උද්‍යාන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *