සහරාන්ගේ

සහරාන්ගේ පියා ඇතුළු සැක කරුවන් හයදෙනා තව දුරටත් රිමාන්ඩ්

පාස්කු ඉරු දින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන සහරාන් ගේ පියා ඇතුළු සැකකරුවන් හයදෙනා මාර්තු මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය ඊයේ (28) නියම කළාය.

සිද්ධියට අදාළ නඩුව ඊයේ (28) නැවත කැදවු අතර සැකකරුවන් හයදෙනා බන්ධනාගාර අධිකාරිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.

වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ ත්‍රස්ත විමර්ශන අංශය පැවසුවේ සැකකරුවන් අවි අයුධ පුහුණුව ලබා ඇති අතර ඔවුන් සතු තිබි අත්අඩංගුවට ගත් විද්‍යුත් උපාංග සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *