ජමෙයිතුල් උලමා සංවිධානය නීත්‍යානුකූලව ලියාපදිංචි නොකළ සංවිධානයක් – විජයදාස රාජපක්ෂ

ජමෙයිතුල් උලමා සංවිධානය නීතිමය රාමුවක් යටතේ ලියාපදිංචි නොකළ සංවිධානයක් බව හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඒ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ ඊයේ (28) දිනයේ සාක්ෂි ලබා දෙමිනි.

1927 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව තුළ තුළ ක්‍රියාත්මක වන මෙම සංවිධානය මුස්ලිම් ජනතාවගේ ආගමික කටයුතු පිළිබඳව උපදෙස් ලබාදෙන උසස්තම මණ්ඩලය ලෙස සැලකෙන බවත් එම සංවිධානය හරහා මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බලා අවශ්‍ය පියවර ගැනීම ආරක්ෂක අංශවල වගකීම බවත් විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිෂන් සභාව වෙත දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *