මේ මොහොත වන විට සමාජය තුළ විශාල ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන් හඳුනාගැනීම සඳහා සංචරණ සීමා පැනවීම අත්‍යාවශ්‍ය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
මේ වන විට සමාජයේ සිටින හඳුනා නොගත් ආසාදිතයින් සංචරණ සීමා පැනවීම තුළින් පවුලට හෝ එක් ප්‍රදේශයකට පමණක් සීමා කරගත හැකි බව ද ඒ මහතා පවසයි.
එවැනි අවස්ථාවක ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් සොයාගැනීම හා නිරෝධායන ක්‍රියාවලිය පහසු වන බව ද පැවසු උපුල් රෝහණ මහතා සංචරණ සීමා පැනවීම තුළ ආසාදිතයින් සියයට 75ක් හෝ සොයාගැනීමට අවස්ථාව හිමිවන බව ද සඳහන් කළේය.
“එළඹෙන දීර්ඝ සති අන්තයේ ජනතාවගේ හැසිරීම ගැන අපිට පූර්ව අවබෝධයක් තියෙනවා නේ. දැනට යම් ආසාදිතයෝ ප්‍රමාණයක් සමාජයේ ඉන්නවා නම් මේ සති අන්තයේ ඒ ප්‍රමාණය දෙගුණ තෙගුණ වීම අනිවාර්යෙන්ම සිදුවෙනවා. ඒක පාලනය කර ගන්න ඕනේ ඉස්සෙල්ලාම. දෙවැනි කාරණය දැනට ඒ ඉන්න ආසාදිතයෝ ටික අපි හඳුනා ගන්න ඕනේ. “