ලංකාව කඩුලු තුනට ලකුණු 299ක් වාර්තා කරයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 229ක් රැස් කළේය.

නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 85යි. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 26යි.

ළහිරු තිරිමාන්න ලකුණු 58ක් රැස්කළ අතර ඔහු සහ කරුණාරත්න මුල් කඩුල්ල සඳහා ලකුණු 114ක් එක් කළහ.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 20ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25ක් ලකුණු පුවරුවට එක් කළහ.

අද දහවල් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 541ක් ව තිබියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *