එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා, රෝසි සේනානායක සහ ඉම්තියාස් බාකීර් මාකර් ඉවත් කර ඇති බව වාර්තා වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා සහ හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර් සඳහන් කර සිටින්නේ තමන්ට මේ දක්වා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සඳහා ඇරයුම් ලැබී නැති බවයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අද පැවත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගී නොවීමට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ඔහුට සහයෝගය දක්වන මන්ත්‍රිවරුන් පිරිසක් තීරණය කර ඇති බවට හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටිනවා.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද (30) පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.