ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානය පරදවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම T20 තරඟාවලිය 3-0 ලෙස ජය ගනීවිද..?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන T20 තරඟාවලියේ තුන්වන සහ අවසාන තරඟය අද දින පකිස්ථානයේ  ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන් තරගාවලියේ පළමු තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකි වූ බැවින් මෙම තරගයද ශ්‍රී ලංකාව ජය ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළකරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රශංසා..

තරගාවලියේ ප්‍රථම තරග දෙකම ජය ගනිමින් ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා පිළිබද දෙස් විදෙස් මාධ්‍ය මහත් සේ වර්ණනා කොට තිබුණා.

මෙහිදී ESPN Cricinfo වෙබ් අඩවිය සඳහන් කොට තිබුණේ, ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයන් නොමැති නිසා මෙවර තරගාවලියට අවස්ථාව ලද භානුක රාජපක්ෂ පිතිකරණයේදී දැක්වූ දක්ෂතාවය, නිත්‍ය ක්‍රීඩකයන් නැවත පැමිණිය පසුත් ඔහුව කණ්ඩායමට ඇතලත් කිරීමට තරම් ප්‍රබල බවයි.

භානුක රාජපක්ෂ එම තරගයේදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4ක් සමගින් පන්දු 48 දී ලකුණු 77 රැස් කලේය.

ශ්‍රී ලංකා  කණ්ඩායම මේ දක්වා T20 තරගාවලියක් 3-0 ක් ලෙස ජයග්‍රහණය කොට නොමැත.

Leave a Reply

Your email address will not be published.