ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ගිලන් රථ සේවය ඇණහිට තිබේ, ගිලන් රථ රියදුරෙක්ට කොවිඩ්

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ගිලන් රථ සේවය ඇණහිට තිබේ.
ඒ, එම රෝහලට අනියුක්ත ගිලන් රථ රියදුරෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනාගැනීමත් සමග එම රෝහලේ සෙසු ගිලන් රථ රියදුරන් නිරෝධායනයට යොමුකිරීම හේතුවෙනි.

පවතින තත්ත්වය හේතුවෙන් කළුබෝවිල ශීක්‍ෂණ රොහලේ සහ කාසල් වීදියේ කාන්තා රෝහලේ ගිලන් රථ කිහිපයක් ජයවර්ධනපුර රෝහලට ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කටයුතු කළ බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂවරයා සඳහන් කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *