ගැබිණි මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ප්‍රමාද වේ

ගැබිණි මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා මෙරට මෙන්ම විදෙස් රටවල දත්ත අධ්‍යයන කිරීම සිදු කෙරෙමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය සඳහන් කළේ එන්නත ගර්භණී මව්වරුන්ට කොතරම් සුදුසුදැයි මෙතෙක් නිශ්චිතව කිසිඳු තහවුරු කිරීමක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *