ගතවූ පැය 24 මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් 2000 සීමාව ඉක්මවා ගොස් ඇත, මරණ 18 යි

ගතවූ පැය 24 මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් 2000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
කොරෝනා මරණ 18 ක්ද වාර්තා වී ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

ඊයේ රාත්‍රී 11 සිට දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි පැනවූ සංචරණ සීමා අද අලුයම 04 න් අවසන් විණි.

කොරෝනා ව්‍යාප්තියේ පාලනය සඳහා ඊයේ සිට ආකාර 02 කින් සංචරණ සීමා පනවනු ලැබීය.

ඒ අනුව ඊයේ සිට මැයි 31 වන සඳුදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට අලුයම 04 දක්වා සංචරණ සීමා පනවනු ඇත.

අද රාත්‍රී 11 සිට ලබන සඳුදා එනම් මැයි 17 වනදා අලුයම 04 දක්වා රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ අදාළ කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට කිසිඳු බාධාවක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *