සිංහල මව්වරුන් වදභාවයට පත් කළේ යැයි සහ අයථා ආකාරයට දේපල උපයා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාෆි ශිහාබ්දීන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ ජූනි මස 24 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
පොලිසිය විසින් වෛද්‍ය ශාෆි ශිහාබ්දින් අත්අඩංගුවට ගැනීමට පදනම් කර ගෙන ඇති චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බව පෙත්සම්කරුවන් පවසා සිටියා. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශයට පත් කරන ලෙසට පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසට කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂකවරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත .