“රණාලේ සුදුවා” අත්අඩංගුවට

“රණාලේ සුදුවා” නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය රණාල ප්‍රදේශයේදී කළ මෙහෙයුමකදීයි. සැකකරු ඌරුජුවා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ ඥාතියෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.

මොහු ප්‍රදේශයේ කර්මාන්තශාලාවලින් හා ඒවායේ දෛනික වැටුපට සේවය කරන පුද්ගලයින්ගෙන් කප්පම් ලබා ගෙන ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

සැකකරුගෙන් ලබා ගත් තොරතුරු අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී කළ මෙහෙයුමකදී සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *