වෙළෙඳ ගිවිසුම් ගැන රනිල් කතා කරයි

ඉන්දියාවට පසු පාකිස්තානය සහ බංග්ලාදේශය 2050 වර්ෂය වනවිට ලෝකයේ ප්‍රමුඛ ආර්ථික හිමි රටවල් බවට පත්වෙනු ඇති බව හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි හි පෙරේදා (04) පස්වරුවේ ඇරඹි ඉන්දියානු සාගර සමුළුවේ පැවැති වැඩසටහනකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා,

“අපි හැමෝම දන්නවා රටවල් ලොක්ඩවුන් කිරීම තුළ කොතරම් ප්‍රමාණයක් ජනතාව දිළිඳුභාවයට පත්වුණාද කියලා. මධ්‍යම පාන්තික ජනතාවට පවා එය දැඩිව බලපෑවා. මේ සියල්ල එක්ක ඇතිවුණු ආර්ථික අවපාතය නිසා අපේ රටවල සංවර්ධන කටයුතු ඇණහිටින බව අපි තේරුම් ගතයුතුයි. ඉන්දියාවට පසු පාකිස්තානය සහ බංග්ලාදේශය 2050 වර්ෂය වනවිට ලෝකයේ ප්‍රමුඛ ආර්ථික හිමි රටවල් බවට පත්වේවි. ඒ නිසා මේ කලාපය තුළ ක්‍රියාත්මක වන වෙළඳ ගිවිසුම් නොමැතිවුවහොත් අපි සියල්ලට වාසිදායක වන ආර්ථික සහයෝගීතාවක් පවත්වාගෙන යාමට නොහැකි වේවි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *