ගෑස් අනතුරුවලට වන්දි ?

ගෑස් පිළිබඳ ගැටලුවේදී පාරිභෝගිකයා වෙනුවෙන් වටිනා තීන්දු තීරණ කිහිපයක් ගෙන ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

“ගෑස් ප්‍රශ්නයේදී පාරිභෝගිකයින් වෙනුවෙන් වටිනා තීන්දු තීරණ කිහිපයක් ගත්තා. ඇතැම් ඒවා දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ පිළිබඳ තවත් සාකච්ඡා කිහිපයක් තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණ වැඩපිළිවෙල ගැන දැනුවත් කිරීමක් කරනවා.”

මාධ්‍යවේදියෙක් – “ලිට්‍රො සමාගම කියනවා ඒ විදිහට කරන්න කාලයක් යනවා කියලා?”

අමාත්‍ය ලසන්ත අලගියවන්න – “කරලා බලන්න කියන්න.”

මේ අතර ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදුවූ ගෑස් අනතුරු සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට වන්දි මුදල් ලබාදීමට ගෑස් සමාගම් කටයුතු කළ යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එහි කැඳවුම්කරු රංජිත් විතානගේ මහතා ඒ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *