කින්නියා පාලම් පාරු අනතුරින් තවත් අයෙක් ජීවිතක්ෂයට

කින්නියා කුරන්ජන්කර්නි කළපුවේ පාලම් පාරු අනතුරට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු මියගොස් තිබේ.

සති 02ක පමණ කාලයක් කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි කාන්තාවක් ඊයේ (04) රාත්‍රියේ මෙලෙස මියගොස් ඇති බව කින්නියා පොලීසිය පැවසුවේය.

ඒ අනුව පාලම්පාරු අනතුරින් මියගිය සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.

පසුගිය මස 23 වනදා උදෑසන සිදුවූ මෙම අනතුරින් වයස අවුරුදු 03ත් 08ත් අතර ළමුන් සිව්දෙනෙකු, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එදින ජීවිතක්ෂයට පත්විය.

දියේ ගිලී අනතුරට ලක්ව රෝහල් ගතව සිටි 06 හැවිරිදි දැරියක් අනතුරින් දින 05කට පසුව මියගියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *