විදේශයන්ට ගොස් සිටින අපරාධ කල්ලි සාමාජිකයින් සොයා විමර්ශන

Share this Article

විදේශගතව ඇති බව කියන ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයින් 25 දෙනෙකු රැදී සිටින රටවල්, ඔවුන් රටින් පිට වූ ආකාරය, ඔවුන්ට රැකවරණ සළසන පුද්ගලයින් පිළිබඳ තොරතුරු සොයා බැලීමේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව කරුණු රැස්කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

විදෙස්ගතව ඇති ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත් කර ඇති බවද ඔහු සඳහන් කළා. මෙම අපරාධ කල්ලි සමාජිකයින් කුමන රටක සැගවී සිටියද ඔවුන් විසින් සිදුකර ඇති අපරාධ පිළිබඳ සියලු තොරතුරු මේ වන විටත් අනාවරණ කරගෙන අවසන් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා සිටිනවා. ඒ අනුව ජාත්‍යන්තර පොලීසියේද සහය ලබාගනිමින් අදාළ පුද්ගලයින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමටත්, අනතුරුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත්, පියවර ගන්නා බවයි දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා සිටින්නේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.