ජංගම දුරකතනයක් මිලදී ගැනීමට පෙර මේ ගැන සැලකිලිමත් වන්න

ඉදිරියේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචිය සහිත ජංගම දුරකතන පමණක් මිලදී ගන්නැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCL) ජනතාවට දැනුම් දෙයි. එසේ ලියාපදිංචි කර නොමැති ජංගම දුරකතනවලට ඇතුළත් කරන සිම්පත් සක්‍රීය නොකරන බවද එහි අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා සඳහන් කරයි.

ජංගම දුරකතනයක් මිලදී ගැනීමේදී එම දුරකතනයට අයත් IMEI අංකය 1909 යොමුකර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර ඇද්දැයි ක්ෂණික කෙටි පණිවිඩය මගින් තහවුරු කරගන්නා ලෙසද ඒ මහතා මහජනතාවට උපදෙස් ලබා දෙයි. එමෙන්ම TRCL අනුමත බවට පවසා පාරිභෝගිකයින් මුලාකර ජංගම දුරකතන අලෙවි කරන්නේ නම් ඒ බව 1900 කෙටි දුරකතන අංකය අමතා පැමිණිලි කළ හැකිය. එමෙන්ම කිසියම් පාරිභෝගිකයෙක් විදේශ රටක සිට දුරකතනයක් මිලදි ගෙන මෙරටට ගෙන එන්නේ නම් එම දුරකතනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා මාර්ගගතව (online) ලියාපදිංචි කිරීමේ හැකියාවත් ලබාදී ඇති බවද ඕෂධ සේනානායක මහතා වැඩි දුරටත් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *