සාකච්ඡා අවසන් වන තුරු MT New Diamond නෞකාව මුදා නොහැරේ

ඉකුත් සැප්තැම්බර් මස 3 වැනිදා මෙරට නැගෙනහිර මුහුදු සීමාවේ MT New Diamond නෞකාව ගිණි ගැනීම හේතුවෙන්, මුහුදට ඉන්ධන මුසුවී සිදුවූ සමුද්‍ර දූෂණයට අදාළ සාකච්ඡා අවසන් වී නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

MT New Diamond නෞකාව රැගෙන යාමට අවසර දිය හැක්කේ එම සාකච්ඡා අවසන් වූ පසු පමණක් බව එම ආයතනය අදාළ බලධාරීන්ට පවසා ඇත. මේ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නීතිපතිවරයාව ඒ සම්බන්ධව දැනුවත් කළ බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *