LK reports news sinhala

වසර 500කට පෙර සිදුවූ ලොව විශාලතම බිලි පූජාව

ලොව විශාලතම බිලි පූජාවක ඉතිහාසගත තොරතුරු පේරු රාජ්‍යයෙන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. දරුවන් යොදාගෙන සිදුකරන ලද ලොව මෙතෙක් සොයාගනු ලැබූ විශාලතම බිලිපූජාව ලෙස මෙය වාර්තා වේ.

බිලිපූජාව සඳහා ඝාතනය කරනු ලැබූ අවුරුදු 5 ත් 14 ත් වයසේ දරුවන් 227 දෙනකුගේ සිරුරු එකම ස්ථානයකින් හමුවී ඇති අතර මෙම සිරුරු හමුවී ඇත්තේ පේරුහි අගනුවර වන ලීමා නගරයට උතුරින් වෙරළබඩ පිහිටි හුවැන්චාකෝහිදීය.

මෙම සමූහ මිනී වළ අවුරුදු 500ක් පමණ පැරණි බව සඳහන් වේ. පුරාවිද්‍යාඥයින් පවසන්නේ සමහර සිරුරු වල හිසකෙස් සහ සම ඉතිරිවී තිබෙන බවයි.

මීට පෙරද පේරු රාජ්‍යයේ  පුරාවිද්‍යා කැණීම් භූමි දෙකකින් බිලිපූජා සඳහා යොදාගනු ලැබූ දරුවන් 200කගේ සිරුරු සොයාගනු ලැබිණි.

(බීබීසී පුවත් සේවය ඇසුරිනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *