LK reports news sinhala

ප්‍රධාන පක්ෂ දෙකකින් සිව්දෙනකුට විනය පරීක්ෂණ

එක්සත් ජාතික පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

එම දෙදෙනා මේ වනවිට ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන අතර ඔවුන් එජාපය විවේචනය කිරීම හේතුවෙන් මෙසේ විනය පරීක්ෂණ පැවැත්වීම සිදුකරන බව එජාපය පවසයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් එස්.බී.දිසානායක හා ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන්ට එරෙහිවද විනය පරීක්ෂණයක් පැවැත්වෙන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *