රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ පාර්ශව චෝදනා කරයි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසා සිටියේ රජය ගත් මෙම තීරණයෙන් එළවළු ගොවීන් දුෂ්කරතා රැසකට මුහුණපා ඇති බවයි.
ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමට රජය සතුව නිසි වැඩපිළිවෙලක් නොමැති බවට ද ඔහු චෝදනා කළේය.