Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

අද උදෑසන සිට හුදෙකලා භාවයට පත් කර ඇති ප්‍රදේශ

අද උදෑසන සිට හුදෙකලා භාවයට පත් කර ඇති ප්‍රදේශ
දිස්ත්‍රික්ක 5 ක තවත් ග්‍රාම නිලධාරි වසම් 16 ක් අද පෙරවරුවේ සිට හුදෙකලා කෙරිණි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ, මහර පොලිස් බල ප්‍රදේශයේ ඇටිකෙහෙල්ගල්ල, බටහිර 290 ඒ, ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

එමෙන්ම කටාන පොලිස් බල ප්‍රදේශයේ කදිරාන උතුර, ග්‍රාම නිලධාරී වසමේ ඇටඹගහ වත්ත ගම්මානය, කදිරාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ පේෂකර්ම ගම්මානය, කේ සී සිල්වා ග්‍රාම නිලධාරී වසමේ 70 බී කොටස ද අද පෙරවරුවේ සිට හුදෙකලා කර ඇත.

එමෙන්ම වත්තල පොලිස් බල ප්‍රදේශයේ සේදවත්ත ග්‍රාම නිලධාරි වසමේ මහාපමුණුගම කොටස කුන්ජගහවත්ත ග්‍රාම නිලධාරී වසමේ 44 වන පටුමග, නිල්සිරිගම ග්‍රාම නිලධාරී වසමේ 03 සහ 07 වන පටුමග ද අද උදෑසන හුදෙකලා කර ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩාය පොලිස් බල ප්‍රදේශයේ බක්මීදෙණිය ග්‍රාම නිලධාරී වසමේ රන්හෙළගම කොටස, සේරුපිටිය ග්‍රාම නිලධාරී වසමේ සේරුපිටිය උප කොටස ද හුදෙකලා කර ඇත.

රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ අංගම්මන 182 සී කොටස සහ මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ බෝහිටිය ග්‍රාම නිලධාරී වසම ද අද පෙරවරුවේ සිට හුදෙකලා කෙරිණි.

කළුතර දිස්ත්‍රික්කයේ මොරගහහේන පොලිස් බල ප්‍රදේශයේ පලන්නොරුව 604, කෝරළඉම 604 ඒ සහ කුඹුකබටහිර 607 ඒ යන ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා කර තිබේ. එමෙන්ම හොරණ පොලිස් බල ප්‍රදේශයේ නර්ථනගල, 616 සී ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *