තෝරා ගත් ප්‍රදේශ කිහිපයකට බෙහෙත් ඇණවුම් නිවසටම ගෙන්වා ගැනීම සඳහා දුරකතන අංක වැඩපිළිවෙලක්

හඳුනාගත් ප්‍රදේශ කිහිපයක පුද්ගලයින්ට අවශ්‍ය ඖෂධ ඇනවුම් කර නිවෙස් වෙත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.
රට තුළ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේය.

ඒ සදහා දුරකතන අංක කිහිපයක් ද හදුන්වාදී ඇත.

කොළඹ 01 ජනතාවට 070 1 90 27 40 යන අංකයෙන් ද,

කොළඹ 04 ප්‍රදේශයේ ජනතාවට 070 1 90 27 41 සහ කොළඹ 07 ප්‍රදේශයේ ජනතාවට 070 1 90 27 42 අංකය ඇමතීමෙන් ද ඖෂධ ඇනවුම් කළ හැකිය.

ගම්පහ ප්‍රදේශයේ ජනතාව 070 1 90 27 73 දුරකතනය අංකයට ඇමතිය යුතුය.

ඊමහනුවර ප්‍රදේශයේ ජනතාවට 070 1 90 27 37 අංකයෙන් ද,

පේරාදෙණිය ප්‍රදේශයේ ජනතාව  070 1 90 27 39 අංකයට ද,

කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව 070 1 71 83 18 අංකය ද අමතා ඖෂධ ඇණවුම් කළ හැකි බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *