රන්ජන්ගේ හඬපට ප‍්‍රසිද්ධ කිරීම පිළිඹද තීරණය අද

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සභාගත කළ හඬපට ප‍්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් අද (20) තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවැත්වෙන පක්‍ෂ නායක රැස්වීමේදීයි.

පක්‍ෂ නායක රැස්වීමකදී මීට පෙර ඇති කරගත් එකඟතාවකට අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සභාගත කළ හඬපට මන්තී‍්‍රවරුන් වෙත ලබාදීමට කථානායකවරයා ඉකුත් අඟහරුවාදා සූදානම් වුණා. එහෙත් ඊට පාර්ශ්ව කිහිපයකින් විරෝධතා එල්ල වීම හේතුවෙන් ඒ පිළිබද පක්‍ෂ නායකයින් සමග නැවත සාකච්ඡා කිරීමට කථානායකවරයා යෝජනා කළා. අද පැවැත්වෙන පක්‍ෂ නායක රැස්වීමේදී ඒ පිළිබද සාකච්ඡාවට ගැනෙන්නේ ඒ අනුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *