Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

තල් ආශ්‍රිත කර්මාන්ත කරුවන් නගා සිටුවීමට “තල් අයිස්ක්‍රීම්” ජනගත කෙරේ

තල් ආශ්‍රිත කර්මාන්ත කරුවන් නගා සිටුවීමට “තල් අයිස්ක්‍රීම්” ජනගත කෙරේ

කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය යටතේ පවතින තල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහය හා අනුමැතිය යටතේ සාදන ලද තල් අයිස්ක්‍රීම් ජනගත කිරීම ඊයේ (19) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදුවිය. කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම කටයුත්ත සිදුකෙරුණි. තල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහය යටතේ තල් අයිස්ක්‍රීම් නිෂ්පාදනය, දිවයිනේ පැරණිතම අයිස්ක්‍රීම් නිෂ්පාදකයා වන ඇලරික්ස් ආයතනය විසින් සිදුකර තිබුණි. මෙම අවස්ථාවට ලංකා සතොස ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා එක්ව සිටි අතර මෙහිදී ලංකා සතොස මගින් තල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතිය ලත් තල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරිම පිළිබදව දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණීම ද විමල් වීරවංශ මහතා ඉදිරියේදී සිදුවිය.

මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා පවසා සිටියේ උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට සක්‍රීයව කටයුතු කරන ලෙසට තමන් තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට ලබාදුන් උපදෙස් මෙලෙස සඵල වීම සතුටට කරුණක් බවය. එසේම තල් ආශ්‍රිත කර්මාන්තයන්හි නිරතව සිටින උතුරු-නැගෙනහිර පවුල් 70,000ක් නගා සිටුවීමේ වැඩපිළිවෙළ හා මේ මොහොතේ සිට එක්වන ලංකා සතොස ආයතනයට තම ස්තූතිය පුද කිරීමට මෙම අවස්ථාව යොදා ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ රංජිත්, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ, ඇලරික්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනුක ලියනගමගේ යන මහත්වරැ ද එක්ව සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *