Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ශ්‍රීලන්කන් එයාර් බස් ගනුදෙනුව නීතිපති උපදෙස්වලින් තොරව සිදු කළ බව හෙළිවේ

ශ්‍රීලන්කන් එයාර් බස් ගනුදෙනුව නීතිපති උපදෙස්වලින් තොරව සිදු කළ බව හෙළිවේ

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව නීතිපති උපදෙස්වලින් තොරව සිදුව ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාගේ සභාපතීත්වයෙන් යුත් කෝප් කමිටුව ඊයේ(19) රැස්වූ අතර ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ එයාර් බස් ගණුදෙනුව පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කමිටුව හමුවට කැඳවා තිබුණි.

ශ්‍රීලන්කන් ගුවන් සේවා සමාගම ගුවන් යානා අත්පත් කර ගැනිමේ ගිවිසුම අවසන් කිරිම සඳහා වූ නිසි ක්‍රමවේදයක් නොමැතිවිම හේතුවෙන් මුළු වන්දි මුදල ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 115.77ක් ගෙවීමට සිදුවිම සම්බන්ධයෙන් කෝප් කමිටුව සිය අප්‍රසාදය පල කර තිබේ.

අමෙරිකානු ඩොලර් මිලියන 19.5ක් ආයතනය සතුව තිබියදී ඩොලර් බිලියන 2.8ක් වූ මෙම ගුවන් යානා ගිවිසුමට අවතීරණ වුයේ ඇයිද යන්න කෝප් කමිටුව විසින් ශ්‍රීලන්කන් බලධාරින්ගෙන් ප්‍රශ්න කරනු ලැබීය.

අධ්‍යක්ෂ මණ්ඩලයේ යම් යම් වෙනස්විම් සිදු වුවද මෙවන් අක්‍රමිකතා සම්බන්ධයෙන් බලධාරින්ට බැහැරව කටයුතු කළ නොහැකි බව අවධාරණය කළ කෝප් කමිටු සභාපතිවරයා විසින් මේ පිළිබඳව නීතිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙස විගණකාධිපතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *