පොලීසිය පැවසුවේ,දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, කොතලාවල විදුහල ඉදිරිපිටදී සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් තුවාල ලබා රෝහල්ගතකර ඇති අතර අනතුර සිදුකළ මෝටර් රථය පළාගොස් ඇති බවයි.
දියණිගයේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. කුරූණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ මොටර් රථයක් එම දෙසටම ධාවනය වූ යතුරුපැදියක ගැටී ඊයේ එම අනතුර සිදුව තිබුණ අතර වෙළෙඳසැළක සවිකර තිබූ CCTV කැමරාක සටහන්ව තිබුණි.
විශේෂ පොලිස් කාණ්ඩායමක් අනතුර සිදුකර පළා ගිය මෝටර් රථයේ රියදුරු සොයා කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.