කොවිඩ් අවදානමක් හේතුවෙන් කුරුණෑගල ප්‍රදේශයකට සංචරණ සීමා පැනවීමක්.

කොවිඩ් -19 ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ කුරුණෑගල හිරිපිටිය තිත්තවැල්ගාල්ල ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇති අතර, කුඹුක්ගැටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර බස්නායක මහතා සඳහන් කළේ පුද්ගලයින් 72 දෙනෙකුට සිදුකළ PCRපරීක්ෂණවලදී මෙම නව ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.
