මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසා දැමේ

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රටෙහි උද්ගතව ඇති අවධානම් සහගත තත්ත්වය මත නැවත දැනුම් දෙනතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල විවෘත නොකරන බව එම දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.
කෙසේ වෙතත් අවධානම් තත්ත්වය පහව ගිය පසු දෙපාර්තමේන්තුව යළි විවෘත කිරීමට බලාපොරොත්තු වන බවටයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *