මෙරට 16 වැනි කොවිඩ් මරණය වාර්තා වේ

මෙරට සිදුවූ 16 වන කොවිඩ් මරණය කොළඹ ජාතික රෝහලෙන් ඊයේ වාර්තා විය. වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටින්නේ මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු වන බවයි.

මොහු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඉකුත් 23 වෙනිදා රුධිරයට විෂබීජයක් ඇතුලුවිම හේතුවෙන් ඇතිවූ සංකුලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුලත් වී තිබේ. අදාළ සංකුලතා හේතුවෙන් එම රෝගියා මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරන අතර, ඔහුට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයකදී හෙලි වී ඇත්තේ කොවිඩ් ආසාධනය වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *