මුස්ලිම් ලීගයෙන් ලැබුණු රුපියල් බිලියනයට සිදුවුයේ කුමක් ද?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට සහන සැලසීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලෝක මුස්ලිම් ලීගයෙන් ලැබුණු රුපියල් බිලියනයක මුදලට සිදුවූයේ කුමක්දැයි සොයා බලන්නැයි ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජාතික විද්වත් සංඝ සභාව පැමිණිල්ලක් සිදුකළේය.

එහි සභාපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දුන්නේ, වින්දිතයින්ට සහන සැලසීමේ කටයුතුවලට අදාළ මුදල් යොදාගෙන නොමැති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,

“ලෝක මුස්ලිම් ලීගයේ සභාපතිවරයා වන මොහොමඩ් බින් අබ්දුල් නැමැත්තා 2019 ජූලි මාසයේ 30 වන දා මුදල් ප්‍රදානයක් කරා එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක්. ශ්‍රී ලංකා රුපියල් බිලියනයක්. මාත් ඉදිරිපිට තමයි තවත් 700ක පමණ පිරිසක් ඉදිරියේ කොළඹ නෙළුම් පොකුණේ දී පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමක් අවස්ථාවේ දී තමයි මේ චෙක්පත හිටපු ජනාධිපතිවරයාට පරිත්‍යාග කරනු ලැබුවේ. නමුත් අපි දිගින් දිගටම විමසීමෙන් හිටියා කොයි ආකාරයෙන් ද මේ ආධාර මුදල පාවිච්චි වුණේ කියලා. අද තව වන තෙක් ඒ මුදල යොදවපු විදියක් හෝ පාවිච්චි වුණ විදියක් හෝ වාර්තා වන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයගෙන් අපි විමසීම් කරා. එතුමාට ක්‍රමානුකූල පිළිතුරක් දෙන්න පුළුවන් වුණේ නෑ. අපි මැල්කම් රංජිත් කාදිනල් තුමාගෙන් විමසා සිටියා එබඳු මුදලක් විපතට පත්වුවන්ට වෙනුවෙන් වැයකරා ද කියලා. එතුමත් කියනවා එබඳු මුදලක් කිසිවෙකුගෙන් ලැබුණේ නෑ කියලා. එසේ නම් මේ මුදලට මොකද වුණේ.”

Leave a Reply

Your email address will not be published.