මුස්ලිම්

මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරු ‘ආණ්ඩුවට සහාය දුන්නේ’ හකීම්ගේ අනුදැනුමෙන්

Share this Article

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරන ලද්දේ පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ අනුමැතිය මත බව එම පක්‍ෂයේ සිටිමින් සංශෝධනයට පක්‍ෂ වූ මන්ත‍්‍රීවරයෙක් සදහන් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හාරිස් මහතා දෙමළ මාධ්‍ය රූපවාහිනී නාලිකාවට මේ බව හෙලි කරමින් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

තම මන්ත්‍රීවරුන් සිව්දෙනා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව රවුෆ් හකීම් මහතා දැනුවත් බවත් ඔහුගේ අනුදැනුම මත ඡන්දය ලබා දුන් බවත් ඔහු එහිදී සඳහන් කරනවා.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ පක්‍ෂ නායක රාවුෆ් හකීම් මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත් වී තිබෙනවා.


Share this Article

Leave a Reply

Your email address will not be published.