මුල් වරට මෙරටදී රැපිඩ් ටෙස්ට් කිට් භාවිතයට අවසර.

කොවිඩ් 19 ආසාදිතයින් හදුනා ගැනීම මුල් කොටගෙන “රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්“ භාවිතා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අවසර ලබා දී ඇත.
ඊයේ සිදු කල රසායනාගාර පරීක්ෂණයෙන් අනතුරුව මෙම අවසරය ලබාදුන් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.
මෙම ක්‍රියාවලිය සිදුකිරීම සදහා මාර්ගෝපදේශ මාලාවක්ද ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවීමෙන් පසු එම පරීක්ෂණ කට්ටල මෙරට රජයේ හා පෞද්ගලික රෝහල්වල භාවිත කිරීමට හැකියාව පවතින බව වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.

මේ පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය සමන් රත්නායක මහතා,
“ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිය සහතික කරන ලද තාක්ෂණික ඇගයීම් සඳහා අපි ක්ෂණීක ප්‍රතිදේහ කට්ටල එහෙම නැතිනම් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් අපේ අනුක වෛද්‍ය රසායනාගාර 4ක් සඳහා අපි යැව්වා. ඒ පරීක්ෂණයෙන් ප්‍රතිඵල අපේ තාක්ෂණික ඇගයීම් කමිටුවට ලබාදුන්නා. ඊට පස්සේ අපි තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් මේ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරලා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් ශ්‍රී ලංකාව තුළ පාවිච්චි කිරීමට අවශ්‍ය නිර්දේශය ලබාදුන්නා. එම නිරේදේශය මත ඒවා කුමන ආකාරයෙන් ද ශ්‍රී ලංකාවේ රෝහල්වල ඒ වගේම පෞද්ගලික රෝහල්වල ක්‍රියාත්මක කරන්න ඕනේ කියන මඟපෙන්වීමක් සකස් කරලා මේ වෙනකොට අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අපි ලබා දීලා තියෙනවා. එතුමාගේ අත්සනින් ඒක නිකුත් වුණාම ලංකාවේ රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක භාවිත කරන්න පුළුවන් වෙනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *