ඊයේ කොළඹින් කොවිඩ් ආසාධිතයින් 251ක්, කොටුව පොලීසියේ 82 කට කොවිඩ්

ඊයේ (10) දිනයේදී කොළඹට තදාසන්න ප්‍රදේශ වලින් කොවිඩ් ආසාදිතයින් 251 දෙනෙක් හමුවූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අතරින් වැඩිම ආසාධිතයින් පිරිසක් වාර්තා වන්නේ කොල්ලුපිටිය ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 55ක්.

කොළඹට තදාසන්නව ආසාදිතයින් වාර්තා වි ඇත්තේ පහත දැක්වෙන ප්‍රදේශ වලිනි.

බ්ලුමැන්ඩල් 04
බොරැල්ල 06
දෙමටගොඩ 17
ග්‍රෑන්ඩ්පාස් 32
කෙසෙල්වත්ත 25
කිරුලපොන 04
කොල්ලුපිටිය 55
වැල්ලම්පිටිය 01
මාළිගාවත්ත 20
දෙහිවල 01
කොටහේන 11
මරදාන 20
මට්ටක්කුලිය 08
මිරිහාන 01
කොළොන්නාව 07
මෝදර 04
ගල්කිස්ස 07
කොටුව ප්‍රදේශයෙන් 28 ක් ලෙසට ආසාදිතයින් වාර්තා වේ.

මේ අතර කොළඹ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 82කට මේවනවිට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වේ. ඒ අනුව මේවනවිට කොවිඩ් ආසාදිත සමස්ත පොලිස් නිලධාරීන් ගණන 612ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *