පසුගිය කාල සීමාවේ ඕමානයේ හා මාලදිවයිනේ ගුවන් තොටුපළවල සිරවී සිටි, පසුව මෙරටට පැමිණීමට අවසර දුන් පිරිසකගෙන් 4 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය වැලඳී ඇතැයි හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම සිව්දෙනාගෙන් තිදෙනෙක් ඕමානයේ සිටත් අනික් පුද්ගලයා මාලදිවයිනේ සිටත් මෙරටට පැමිණ තිබෙන අතර දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක්කර ඇත.