අන්තර්ජාල ගනුදෙනුවලදී සුපරීක්ෂාකාරී වන්න – ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය

අන්තර්ජාල ඔස්සේ සිදු කරන මූල්‍ය ගනුදෙනුවලදී මේ දිනවල සුපරීක්ෂාකාරීව කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය සදහන් කරයි.

පවතින ඇදිරිනීති තත්වය මත හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක් ලෙස බොහෝ දෙනෙකු ව්‍යාපාර හා වෙනත් අවශ්‍යතා සදහා කෙරෙන මූල්‍ය කටයුතු අන්තර්ජාලය හරහා සිදු කරීම මේ දිනවල ඉහළ ගොස් ඇත. මෙම තත්ත්වය යටතේ ඔබගේ මූල්‍ය තොරතුරු බාහිර පාර්ශවයන් විසින් සොරා ගැනීමට විවිධ උපක්‍රම දරන බවත් ඇතැම් අන්තර්ජාල ගෙවීම් ගනුදෙනුකරු නොදැනුවත්වම සිදුව ඇති බවටත් ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමයට පැමිණිලි ලැබී තිබේ.

එමෙන්ම විවිධ ආයතන ලෙස පෙනී සිටිමින් දුරකථන හා විද්‍යුත් තැපැල් මගින් මාර්ගගත මූල්‍ය සේවාවල මුරපද හා එක් වරක් පමණක් භාවිත කළ හැකි OTP නේත ඉල්ලීමක් සිදු කෙරෙන බවත් නිරීක්‍ෂණය වී ඇති බවත් එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

මෙම තත්වය නිසා අන්තර්ජාල ගනුදෙනු සිදු කිරීමේ දී දැඩි විමසිල්ලෙන් කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *