ගොවිපළක් ලෙස පවත්වාගෙන ගිය සහරාන්ගේ තවත් කඳවුරක් සොයාගැනේ

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ තවත් කඳවුරක් මූතූර් ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබේ. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගනු ලැබූ සාදික් නමැති ප‍්‍රධාන පෙළේ සැකකරුවෙකුගෙන් ත‍්‍රස්ත විමර්ශන ඒකකය සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදීයි.

සාදික් නැමැති මෙම සැකකරු මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ ප‍්‍රධාන චූදිතයෙක්ද වන අතර ඔහු 2014 දී තුර්කිය හරහා සිරියාවට ගොස් IS පුහුණුව ලබා ඇති බවයි වැඩි දුරටත් තොරතුරු අනාවරණය වි ඇත්තේ.

සොයා ගන්නා ලද මෙම කදවුර අක්කර 15 ක ඉඩමක ඉදි කර ඇති අතර එය මාවනැල්ල ප‍්‍රදේශයේ පූජකයෙකුට අයත් බවට තොරතුරු ලැබී ඇත. මෙම ඉඩම ගොවිපොළක් පවත්වාගෙන යන ආකාරයෙන් ඉතාමත් රහසිගතව මෙම කඳවුර පවත්වාගෙන ගොස් තිබේ. මෙම කදවුර තුළ මාවනැල්ල ප‍්‍රදේශයේ තරුණයන් 5 දෙනෙකු අවි පුහුණුව ලබා ඇති අතර ඔවුන්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීම් සිදුකෙරෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *