කේරල ගංජා, මදන මෝදක ගුලි, නිති විරෝධි දුම්වැටි සහ මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 20 දෙනෙකු හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් කුරුණැගල, මිගමුව, කොළඹ, දඹුල්ල, ගාල්ල හා මාතර යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 30 අතර වයස් වල පසුවන්නන්ය.
හැටන් මාර්ගයෙන් මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන් පරික්ෂා කිරීමට හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් හැටන් ආශ්රිත ප්‍රදේශයන්හිදී ඊයේ (09) පස්වරුවේ සිට රථ වාහන පරීක්ෂා කිරීමේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසා ඇත.