පහරදීමක් සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාල සිසුන් 12ක් අත්අඩංගුවට

කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ දෙවනි වසරේ සිසුන් 12 දෙනෙකු අද (10) කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එයට හේතු වී ඇත්තේ තෙවන වසරේ සිසුන් දෙදෙනෙකුට විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ දී පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධවයි. සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට ඊයේ පෙරවරුවේ ඔවුන් කුරුදුවත්ත පොලිසියට කැඳවා ප‍්‍රකාශ සටහන් කරගෙන, පසුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ඔවුන් හෙට (11දා) අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. පසුගිය (8) දින රාති‍්‍රයේ සිදු වු මෙම පහරදීමෙන් කලා පීඨයේ තුන්වෙනි වසරේ සිසුන් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *