භික්ෂූන්ට නාමයෝජනා නොදෙන ලෙසට මැතිවරණ නීතිය සංශෝධනය කළ යුතුයි

Share this Article

මැතිවරණවලට තරඟ කිරීම පිණිස භික්ෂූන් වහන්සේලාට නාම යෝජනා ලබාදිය නොහැකි ලෙස මැතිවරණ පනත සංශෝධනය කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පවසති. උන්වහන්සේ මේබව පැවසූයේ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (3) අස්ගිරි මහවිහාරයට ගොස් මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේයි.

පවතින මැතිවරණ නීතියට සංශෝධන ගෙන එමින් අදාළ කටයුත්ත කඩනිමින් කළ යුතු බවත් භික්ෂූන් වහන්සේ ඍජුව දේශපාලනයට යොමු වීමෙන් ශාසනය පිරිහීමට ලක්වන බවත් අස්ගිරි මහනාහිමියෝ කීහ. අතීතයේ මෙන්ම පාලකයන්ට දැහැමිව රට පාලනය කිරීම පිණිස අවවාද අනුශාසනා කිරීම මහ සංඝරත්නයේ කාර්යභාරය බවත් ඉන් ඔබ්බට ගොස් මහ සංඝරත්නය ඍජුව දේශපාලනය කිරීමට යෑමෙන් විශාල පිරිහීමක් ශාසනය තුළ සිදු වූ බවත් උන්වහන්සේ පැවසූහ.


Share this Article

Leave a Reply

Your email address will not be published.