සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ හෙට

ඉදිරි මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (5) සිට සිදුකරන බව එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඊයේ (3) ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය ​සිරිකොත පක්ෂ මූලස්ථානයට ආසන්නව අලුතින් පිහිටුවා අපේක්ෂකයන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ එහිදී සිදු කරන බවද ප්‍රකාශ කළේය. මේ වන විට අපේක්ෂකත්වය සඳහා අයැදුම්පත් රැසක් ලැබී ඇතැයි කී ඔහු සජිත් ප්‍රේමදාසගේ සභාපතිත්වයෙන් යුත් නාම යෝජනා මණ්ඩලය අද (4) රැස්වන බවද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *