බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කර සිටියා. එහිදී රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 12 දෙනාට විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝගයක් පනවනු ලැබුවා. එමෙන්ම මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කිරිම ගැන තීරණය මාර්තු 06 වෙනිදා ප්‍රකාශයට පත් කරන බවත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දෙනු ලැබුවේ.
2016 මාර්තු මාසයේදී 29 වෙනි දින සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී පොදු දේපලක් වූ රුපියල් බිලියන 36.98 ක මුහුණත වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැදුම්කර සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත රවි කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, ඇතුළු පිරිසි අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට පසුගියදා නියෝග කර සිටියා.