හිටපු ක්‍රිකට් නායක ඩිල්ෂාන් ගාල්ලෙන් මැතිවරණයට

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේදී තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ගාල්ල දිස්ත්‍රික්කයයෙන් තරග කරන බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා පැවසීය. ඒ ඊයේ (3) දිනයේ බෙන්තොටදී පැවති මාධ්‍ය හමුවකදී.

තමා අරඹන මෙම අලුත් ඉනිමට ක්‍රිකට් ක්‍රීඩාවේදී දුන් සහය මෙන්ම කිසිදු බේදයකින් තොරව සියලු දෙනාගෙන්ම ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

ගෝඨාභය රාරපක්ෂ මහතාගේ පැහැදිලි වැඩ පිළිවෙළට සහාය දැක්වීම සඳහා තමා මෙම තීරණය ගත් බවද පැවසූ ඔහු, තමා ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 1000 ක් ඉදිකර ඇති බවත් පවුල් 7500 ක දරුවන් 8000 කට ශිෂ්‍යත්ව ලබාදී ඇති බවත් ඊට අමතරව පෙර පාසල් 5 ක් සාදා දෙමින් දුප්පත් පාසල් සඳහා ක්‍රීඩා උපකරණද ලබා දී ඇති බව ද වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ඉදිරි වසර පහ තුළදි ගාල්ල දිස්ත්‍රික්කයේ එක් ආසනයකට නිවාස 50 බැගින් ඉදිකරමින් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ලද ජයග්‍රහණ මත ඇතිකරගත් විදේශීය සබඳතා ප්‍රයෝජනයට ගෙන ගාල්ල දිස්ත්‍රික්කය දියුණු කිරීමට හැකි පියවර ගන්නා බව ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *