බන්ධනාගාර කොවිඩ් පොකුර යළි ඉහළයයි

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසුවේ,කොවිඩ් -19 වෛරසය බන්ධනාගාර තුළ පැතිරීම වැළැක්වීම සඳහා බන්ධනාගාර සෞඛ්‍ය අංශ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.

ඒ අනුව බන්ධනාගාරවල වෛරසය පැතිරීම මේ වනවිට පාලනය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වන විට බන්ධානාගාරවල කොවිඩ් ආසාදිතයින් 246දෙනෙක් හඳුනාගෙන ඇතැයි ද ඒ මහතා පවසයි.

බන්ධනාගාර තුළට අලුතින් එන රිමාන්ඩ් හා සිරකරුවන් වෙනුවෙන් පීසීආර් පරීක්ෂණ නොකඩවා සිදුකරන බවත් ඒ අනුව ඔවුන්ව වෙනම තැනක රඳවා තබා නිරෝධායනයට යොමුකරන බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *